Wednesday, 28 June 2017

ටටා බායි බ්ලොගර්ස්! සී යූ ඇට් ෆේස් බුක්. Bye bye bloggers!

ටටා බායි බ්ලොග්! මං යනවා දීනියස් ක්ලබ් එකේ පදිංචි වෙන්න.. එහෙ හරි ඇක්ටිව් අනේ.. අපේ මාතලං ලොක්කත් දැන් ඒ පැත්තෙමයි ඉන්නේ.. ඉතිම් පාලුවකුත් නෑනේ..

මේ බ්ලොක් කට්ට ඔන්නොහේ මෙන්ඩාටම දීල දානව.. ඔය කියුවට ඕක එන්නෙත් නෑ පදිංචියට ඉස්තීරෙකට.. හෙහ්..

එහෙනම් අපි ගිහිං එන්නං.. කල්පනාවෙන් ඉඳල ඔහේලත් තීරණයක් ගන්ඩලා..

ආ.. මේ.. කෙටියෙන් කියුවට මේක ලොකු කතාවක් හරිය.. ජයවේවා!!!

Friday, 16 June 2017

මා.. හඬවලා.. ඔබ මගෙන් වෙන්වෙලා.... ප්‍රින්ස් ගේ මම කැමති ගී දහය Fondly remembering the tenderhearted late little Prince!

කැමති සිංදු දහයේ පොඩි රැල්ලක් යනවා බුකියේ.. බ්ලොග්කාරයෝත් ගොඩක් දෙනෙක් බුකියේදී ඒ රැල්ලට අහු උනාට ඒක බ්ලොග් වලට එච්චර ඉක්මනට පැතිරුනේ නෑ.. ඒත් අද දැක්ක අමිල චතුරංග අන්සතු දිනපොතක එයා කැමති ගී දහය ලියලා තියෙනවා..

පහුගිය දවස්වල කළා ක්ෂේත්‍රයට සම්භන්ද දෙදෙනෙකුගේ මරණ ආරංචි උනාම හිතට මොකක්දෝ සංකාවක් ඇති උනා.. එකක් ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ වියෝව.. අනික ආත්මා ලියනගේ ගේ බිරිඳ කුමාරි ලංකා ගේ වියෝව.. ආත්මා ගයන සුප්‍රසිද්ධ 'මාලි.. සිහින කුමාරි..' ගීතය නිසා කුමාරිව ගොඩක් දෙනෙක් හැඳින්වූවේ මාලි ලියනගේ නමින්.. 
ප්‍රින්ස් උදය ප්‍රියන්ත තරුණ අවදියේ
ඊයේ මොකක්දෝ ගොසිප් චැනල් එකකින් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් කරපු වීඩියෝ එකක් ෂෙයාර් උනා ප්‍රින්ස් ගේ ගීත ගැන පාරේ යන එන අයගෙන් අහලා.. ඒක මොන පර්පස් එකකට කරාද නොදන්නවා උනත් එතැනදී අදහස් දක්වපු බොහෝ තරුණ හා මැදිවියේ අය කතා කලේ 'ප්‍රින්ස්? ඒ කවුද?' කියල අහනවා වගේ.. ප්‍රින්ස් ගැන අහල තිබුන අයටත් එයාගේ සිංදු මතක තිබුනේ අඩුවෙන්.. එක්කෙනෙක් දෙන්නෙක් තමයි හැගීම්බරව කතා කරේ ඒ ගැන..

පුද්ගල රසඥතාව විවිද නිසා ඔවුන් පලකළ අදහස් සම්භන්දව විවේචනයක් ඉදිරිපත් කරන්න බෑ.. ඒත්.. එතැනදී කියවුනාට වඩා අපි දන්නා ප්‍රින්ස් කියන්නේ ඉතා විශාල 'ජනප්‍රියත්වයක්' තිබුණු කෙනෙක්.. නමුත් ඔහු ප්‍රබුද්ධ ගායක කුලකයට අයිති උනේ නෑ.. ඒ නිසාම සමහරු පොඩ්ඩක් අකමැතියි ඒ වගේ අයගේ සිංදු අහනවා කියල කියන්න.. ඔය සංතෑසියටම ලක් වෙච්චි තව ගායක ගායිකා සෙට් එකක්ම ඉන්නවා.. ජෝති ඒ ලිස්ට් ඒකෙ මුලින්ම හිටියේ.. ක්ලැරන්ස්, පුන්සිරි සොයිසා, නිහාල් නෙල්සන්, ප්‍රියා සූරියසේන ඊළඟට රූකාන්ත වගේ අය.. නමුත් මේ අය කාලයත් සමඟ සුපිරි නොවුනත් යම්කිසි පිළිගැනීමකට ලක්වුනා.. ප්‍රින්ස් අයිති වෙන්නේ ඊටත් පස්සේ පරම්පරාවට.. ඒ කියන්නේ අපි ගැටවර වියට එළඹුන කාලේ පරම්පරාවට.. ප්‍රින්ස් එක්ක නාමල් උඩුගම, අජිත් මුතුකුමාරණ, කුමාරසිරි පතිරණ, විජේබණ්ඩාර වැලිතුඩුව, රෝයි පිරිස් වගේ නම් ඒ ලිස්ට් එකට මතක් වෙනවා.. මේ අය 90 දශකයේ වගේ ජනප්‍රියත්වයේ ඉහළටම ගියත් ඊළඟට ආපු ප්‍රබුද්ධ රැල්ල නිසා නැත්තටම නැතිවෙලා ගියා.. 'නැත්තටම නැතිවෙන්න' අපිත් වගකියන්න ඕනි මොකද කාලයක් තිබ්බ හේතුවක් නැතුව අපි මේ ගායකයින්ව වර්ජනය කරපු.. ඒ කරලා ප්‍රබුද්ධය කියන ගායකයින්ව 'පමණක්' ඔසවල තියපු නැත්නම් වර නගපු.. 

පසුකාලීනව මම බොහෝ දුරට ඒ අඩුපාඩුව මග හැරගත්ත.. ඒ නිසා මට පුළුවන් උනා බොහෝවිට බේදයකින් තොරව මේ හැම ගායකයෙකුගේම ගීත රස විඳින්න.. ඇත්තටම ඔවුන්ට තියෙනවා වෙනම අනන්‍යතාවයක්.. ඒක හඳුනාගෙන එය රසවිඳින්න හුරු උනොත් අපිට ගොඩක් ගීත ඇත්තටම රස විඳින්න පුළුවන්.. මැදිවියට එනකොට අතීත මතකත් එක්ක මේ ගීතවල වටිනාකම වැඩිවෙලා දැනෙනවද මංදා.. මම දැන් බොහෝවිට දකිනවා අපේ සමකාලීනයෝ මේ ගීත නැවත නැවත අහනවා හා රසවිඳිනවා.. මමත් එහෙමයි.. ඊට අනගි සහයක් යූ ටියුබ් එකෙන් ලැබෙනවා.. මතක තියෙන වචන දෙක තුනක් ටයිප් කරාම ඇති.. අනිවාර්යයෙන්ම ඔබ කැමති සිංදුව හොයා ගන්න පුළුවන්..

ඉතිං පෙර කියූ අවස්ථා තුන හතරම සම්භන්ද කරලා මට හිතුනා අපේ ගැටවර හිත් අවදිකළ ඒ කිරුළු නොපලන් ගී රජවරුන්ගේ මම කැමතිම ගීත දහය ගානේ ලියල පළකරන්න.. අද මේ ලිපිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් වූ ඒ සොඳුරු ගායකයා වෙනුවෙන් වෙන්කරනවා.. 
ප්‍රින්ස්ගේ කැසට්පට එකතුවක්..
ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියනකොටම මට කවදත් මතක්වෙන්නේ බදුල්ලේ අපේ ගෙදරට ගෙවල් තුන හතරකට උඩින් තිබුණු බදුල්ල ළිඳමුල්ල පත්තිනි දේවාලයේ හිටපු ප්‍රධාන කපු මහතාගේ ගෙදර.. :) මොකද 90 මුල් කාලේ වගේ අපේ මුළු ගමෙන් බාගෙකට විතර සිංදු ඇස්සුවේ එතුමා තමයි.. සෙනසුරාදා ට එහෙම උදේ හත හමාර වෙනකොට කණ පැලෙන්න 'සෙටප්' එක දැම්මම ආයි ගමෙන් බාගෙකට නොමිලේ සංගීතය.. කාලයක්ම නොකඩවා මේ විදියට ඇහුනේ ප්‍රින්ස්ගේ'සඳ කුමාරියක්' කැසට් ඒකෙ සිංදු.. කැසට් ඒකෙ නම සඳ කුමාරියක් උනා වගේම ඒ කැසට් ඒකෙ ජනප්‍රියම සිංදුව උනෙත් සඳ කුමාරියක් දීගෙක යනවා කියන සිංදුව.. ඒත් මට ඒ සිංදුව එච්චර ඇල්ලුවේ නෑ.. ඒකට එක හේතුවක් උනේ අපේ කොල්ලෝ ඕකට හදල තිබ්බ වෙන සිංදුවක්.. දීගෙක කියන කෑල්ල වෙනස් කරලා අලුත් කෑල්ලක් දාල කියනවා ඇහෙනකොට මට නං හෙන අප්‍රසන්නයි.. 

සඳ කුමාරියක් කැසට් එකට පස්සේ ප්‍රින්ස් ගේ කැසට් කීපයක්ම ආවා.. ඔබ පෑ පෙම් සිනා.. මහද ප්‍රේමාදරේ.. සහ සෙනෙහස ඔබේ කැසට් ඔක්කොම මතක විදියට එක ළඟ ළඟම ආවේ.. ඒ අතරින් මම වඩාත්ම කැමති උන ගී දහය මෙතන එකතු කරනවා..


ප්‍රින්ස් ගේ ගීත වලින් මම අදටත් රස විඳින එක ගීයක් මේක.. ඔහුගේ අනිත් බොහෝ ගීත වලට වඩා මේක ගොඩක් සෞම්‍යයි වගේ මට හිතෙන්නේ.. තනුව ජයන්ත දිසානායකගේ.. පද ලලිත් වසන්තගේ..

සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්
හද පිරුණු වේදනා පිසදා සිනා සලා
මට දෙන්න ආදරේ ඔබගේ හදින් 
සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ
ඔබ ඉන්න මාගේ ළඟින්

පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
දෙතැන තනි වී සදා 
හෙලන සුසුමන් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්

තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
කඳුළු හසරැල් මවා
ම සිත ලතැවුල් නිවා
ඔබ ඉන්න මාගේ ළඟින්


මේ සිංදුවත් ඕනේ තරං අහන්න පුළුවන්.. මම අහල තියෙනවා ප්‍රින්ස් ඒ කාලේ ජනප්‍රිය වෙච්චි තරුණ ගායිකාවකට පෙම් කලාලු.. පස්සේ ඒ ගායිකාව වෙන විවාහයක් කරගෙන (ඇත්තටම මේ වෙනකොට ඒ ගායිකාව වෙනත් අසාර්ථක විවාහ තුනකින් පස්සේ නැවතත් තනිකඩව ඉන්නවා).. ඒ හිත් වේදනාව ප්‍රින්ස්ගේ බොහෝ ගීත වලට මුල් වෙලා තියෙනවා. කොච්චර තරුණියන්ගේ ආදරයට ලක්වුණු යොවුන් ගායකයෙක් වෙලා හිටියත් ප්‍රින්ස් මැරෙනකොටත් තනිකඩයෙක් උනේ මේ විරහව නිසාමද දන්නේ නෑ..

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන් සැලී
පෙර දිනයක අප හමු වූ තැන හිඳ 
වෙන්වන්නට මුණගැසෙමු යළි 

වෙරලේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කථා
රැල්ලට හසුවී වෙනතක ගිය මුත් 
සුදු වැලි මුමුණයි අපේ කතා

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය 
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිම වී 
සමුගන්නම් අද තරහ නොවී


රූකාන්තව අපි ගොඩක් දෙනෙක් දන්නේ ගායකයෙක් විදියට.. ඒත් රූකාන්ත කියන්නේ හොඳ තනු නිර්මාණ ශිල්පියෙක් වගේම හොඳ සරල ගී රචකයෙක්. ඒ වගේම රූකාන්ත තමන්ගේ සහෝදර ශිල්පීන්ට උදව් කරන හිත හොඳ මනුස්සයෙක්.. මේ ගීතය ඇහෙනකොට 'රුකා ගේ ටච් එක' හොඳට තේරෙනවා.. මේක රූකාන්ත ම ලියල සංගීතවත් කරලා ප්‍රින්ස්ට කියන්න දුන්න ගීතයක්.. 

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ
මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ
මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා
ඔබ නැති මා ජීවිතයේ තනි වී

සඳ ගිලිලා තරු නිවිලා
මගෙ ලෝකේ මා කඳුලේ ගැලිලා
ඔබ සතුටේ ඇතැයි සිතා
කඳුල තුලින් හිනැහෙමි තවමත් මා

දළු දාලා මල් පිපිලා
ඔබ ලෝකේ හිනැහේවා සැමදා
හදට ඔබේ දුක ආ දා
මම එතැනයි පමා නොවෙමි කිසිදා


මේ සිංදුවට ආස හිතුනේ නම් වෙනස් අත්දැකීමක් නිසා.. අසූව දශකයේ අන්තිම වෙනකොට අපි ළමා සමාජ වලින් අයින් වෙලා අවුරුද්දක හමාරක විතර විවේකයකින් පස්සේ අනූවේ මුල් කාලේ යෞවන සමාජවල ක්‍රියාකාරී වෙන්න ගත්ත අලුත.. අංක 510 ප්‍රබෝධා මුතුහර ළමා සමාජයේ මාත් එක්ක හිටපු ලස්සන 'අක්කියෙක්' එතකොටත් ප්‍රබෝධා යෞවන සමාජේ ක්‍රියාකාරී සාමාජිකාවක්.. මාව යෞවන සමාජෙට ගන්න උනන්දු කලෙත් උන්දෑමයි.. ඉතිං මගේ හෙන ෆිට් එක.. හොඳ යාලුවෝ.. අවුරුද්දකින් 'අක්ක' උනාට මගේ හිතේ පොඩි ක්‍රස් එහෙකුත් තිබ්බ උන්දා ගැන.. දවසක් යෞවන සමාජේ රැස්වීමකදී ඔය අක්ක මේ සිංදුව බොහොම ලස්සනට හැඟුම්බරව කියුව.. සිංදුව ප්‍රින්ස් ගේ උනාට මට තාමත් මතක ඒ ෆීමේල් වර්ෂන් එක.. :)

සමුදෙන්න සමුගන්න නම්
හඬවන්නෙ ඇයි මේ තරම්
නොරිදා සිතින් බැඳිපෙම් නමින්
සමුදෙන්න සමුගන්න නම්

ඔබගේ ලොවෙහි සැතපී දිවා රෑ
මා ගෙව් අතීතේ පුරා
කවුදෝ ඔබේ සිතෙහි සැඟවී
එනිසා මෙසේ වේවිදෝ

සිතුදේම නොමවේ පැතුමන් නිමාවී
කුරිරුයි ඔබේ චේතනා
ළංවී මෙසේ දෑසේ වෙලී
එනිසා මෙසේ වේවිදෝ....


මේ සිංදුව තනුව හා පද රචනය ගත්තම බොහොම පහසුවෙන් 'ප්‍රබුද්ධ' ගායකයෙක්ට උනත් කියන්න පුළුවන් ප්‍රින්ස් ගේ සිංදුවක්.. 'දෛවයේ කෘර සෙවනැල්ල එලවා දමා - ජිවිතේ රන් විමන් සාදවා..' මේ කොටස තමයි මට සින්දුවේ මුලින්ම මතක් වෙන්නේ.. එතනින් තමයි මුලට යන්නේ හැමදාම..

මහද ප්‍රේමාදරේ සිහින වැල් යාකෙරෙ
ඉතිරේවී ගංගා ලෙසේ
සිතුම් රැල් නංවලා මල් පිදීලා
ඔබෙ පෙම් සුවේ මා සොයා

දෛවයේ කෘර සෙවනැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සදවා.........//
සමසේ දරා දුක් වේදනා
භවයෙන් භවෙ අපි යමු

රුදුරු වෙසකින් බැදී 
ගැහැට දෙන චේතනා.....//
නිබද ගෙනදේ විරහා වෙදනා
සිතින් බැදී කුලුනක් ලෙසේ
භවයෙන් භවෙ අපි ඉමු 

6. පෙම්වතුන් සිනාසේ..

මේ සිංදුවත් මතක තියෙන්නේ විශේෂිතම  හේතුවක් නිසා.. අපි 10 හෝ 11 වසරේ ඉද්දි ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා.. මේ ට්‍රිප් එකේදී ඉස්කෝලේ ගුරුවරු විදියට ගිය දෙතුන් දෙනාගෙන් එක්කෙනක් උනේ ඊට ටික කාලෙකට කලින් ආව අපේ විද්‍යා ගුරුතුමා.. තරුණ ගුරුවරයෙකු උනත් ඔහු කිසිම ප්‍රියමනාප බවක් නැති මුණේ හිනාවක් නැති 'පන්තියට ආව, ඉගැන්නුවා, ගියා' ටයිප් ඒකෙ බුවෙක් විදියට තමයි අපි දැක්කේ.. ඉතිං මේ 'යකා' අපිත් එක්ක ට්‍රිප් එක යන්න එන එක ගැන අපේ ඒ හැටි කැමැත්තක් තිබ්බේ නෑ.. හැබැයි ට්‍රිප් එක පටන් ගත්ත වෙලාවේ ඉඳල ඒ හැඟීම වෙනස් උනා.. ඔහු පන්තියෙන් පිටදී බොහොම සුන්දර විදියට එදා හැසිරුනේ.. නියම කොල්ලෙක් වගේ.. අපි උදේ ඉඳන් සිංදු කියල මහන්සි වෙලා ඉද්දි මිනිහා තමයි ආයෙම සිංදු මතක් කරලා දිදී අපිව ෆෝම් කරලගත්තේ.. ඒ මදිවට අපි ඔක්කොම කට ඇරගෙන බලාගෙන ඉද්දි ප්‍රින්ස්ගේ පෙම්වතුන් සිනාසේ සිංදුව තනියම කියුව මුළු බස් එකටම ඇහෙන්න.. එදා ඉඳං මටත් හීනයක් තියෙනවා ලොකු ඕඩියන්ස් එකක් ඉස්සරහ ඒ වගේ තනියෙම ලස්සනට සිංදුවක් කියන්න.. ඒත් ඒක කවදාවත් හැබෑ වෙන්නේ නෑ කියලත් මම දන්නවා.. 

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයනු කෙසේ...

මා තුරුළේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයි ද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබ ද මියුලැසියේ...

මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේ දෝ
අරුණලු උදා වෙලා මුව විකසිත වේ දෝ

මේක ලියල සංගීතවත් කරලා තියෙන්නේ විශාරද නිහාල් ගම්හේවා. ඒ කාලේ තරුණ තරුණ සේවා සභාවේ සංගීත උපදේශකයෙක් ඒ වගේම බොහෝ තරුණ ගායකයින් ගොඩකට ඔහු සිංදු ලියල තියෙනවා..

හදිසි වැඩ කීපයක් එක පෙළට පෙළ ගැස්සෙමින්හ තිබෙන නිසා ඊළඟ සිංදු තුනේ කතාව හා  පදමාලාව මෙතන ලියන්නේ නැතුව මේ පොස්ට් එක පබ්ලිෂ් කරනවා. නැති උනොත් ආපහු සඳුදා වෙනකම් මේක පෝස්ට් කරන්න වෙන්නේ නෑ..

7. කඳුළු ගංගා ගලා..

8. මා.. හඬවලා .. ඔබ මගෙන් .. වෙන්වෙලා.. 

9.මා තනිවී හඬන පැයේ..

10. සුදුමල් පොකුරක් අතින් දරා මා..

මේක ගැන නම් වචනයක් නොලියම බෑ..

ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ පියා විශාරද ගුණදාස කපුගේගේද සංගීත ගුරුවරයෙකු බව කියවෙනවා. එහෙත් ඔහුට සිය පියාගෙන් පූර්ණ සංගීත දැනුමක් ලබා ගැනීමේ පින නොලැබුණේ ප්‍රින්ස්ගේ බාල වියේදීම පියා ඔවුන්ගෙන් සමු ගැනීම නිසායි. බොහෝ ගායකයින් අතින් මගහැරුණු පිය ගුණ ගායනය ඔහු අතින් මග හැරෙන්නේ නෑ.. කළා ලොව එළිපත්තේ සිට අතිශය සංවේදී ගීයක් ප්‍රින්ස් සිය පියා වෙනුවෙන් ලියා ගායනය කරනවා.. මේ ඒ ගියයි.. 
සුදුමල් ‍පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනි වීරහසේ සැලෙනා කඳුළැලි තවරාසිහිකරනෙමි මගේ පියාණනි..

කැඩපත හමුවේ හිඳිමී
නිරතුරු ඔබ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ.. :'(

- කල්‍යාණ මිත්‍ර

Thursday, 25 May 2017

3. නමක් නැති කතාවක්- 2 Request Permission to Carry on Sir!


සැළකිය යුතුයි: කටවහරේ නිතර යෙදෙන එහෙත් ප්‍රසිද්ධියේ කි විට හෝ මෙසේ ලියුවිට කුණුහරුප යයි සම්මත වචන එලෙසින්ම යොදා ඇති බව දැනගෙන කියවන්න.. 
කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ල මට ලේන්සුව දික් කරා ඒකිගේ ලේන්සුව වගේද මගේ කලිසම මමත් ඒකිගේ ලේන්සුවෙන් හොදට පුටුව පිහදලා ඉදගෙන ඒකිට ලේන්සුව දික් කරා..
“මොකක්ද අයිසේ මේක ඒලෙවල් පංතියක්ද? නැත්නම් මොන්ටිසොරියක්ද?”
ගීත් සර් මොකටද එන්න හදන්නේ අරකි මට ලේන්සුව දුන්නා දැකලද එහම කිව්වේ
“පිරිමි ළමයි මේ පැත්තේ ගැනු ළමයි මේ පැත්තේ සමුසේලා උසස් පෙළ කරන වයසකද කියලා හිතෙනවා.”
“මෙන්ඩිස් සමුසේටනම් දැන්මම යාලුවෙක් සෙට් වෙලා වගේ “   
“නෑ සර් ඔව් සර් නෑ මේ .............. “
“දෙපැත්තට වෙලා ඔහම කතා කරන්න අමාරුයි නේද එක්කෝ එයාව ලගට ගන්නවා නැත්නම් සමුසේ එයා ලගට යනවා. “
ගීත් සර් කියන්නේ අපේ ඉස්කෝලේ ඉන්න හිත හොද චරිතයක් කැම්පස් එකෙන්  අවුට් වෙලා පොර කෙලින්ම ඇවිත් තියෙන්නේ අපේ ඉස්කෝලෙට, ඕන දෙයක් කෙලින් කියන චරිතයක්. අපේ දෙයක් උනත් පොරත් එක්ක  කෙලින් කතා කරන්න පුලුවන් හින්දා ළමයි හුගදෙනෙක් ගීත් සර්ට කැමති හැබැයි ගුරුවරු  නම් ගොඩක් අය පොරට අකමැති.
ගීත් සර් අපේ පංතිය බාර ගත්ත එක එක අතකින් වාසනාව.. අනිත් අතට සදා සොත්ති මොකද සර් ඉස්කෝලෙට වඩා හොදට උගන්නේ පොරගේ ප්‍රයිවෙට් පන්ති වල කියන කතාව ප්‍රසිද්ද රහසක්.
කොන්ඩ කරල් දෙකක් ගැට ගහපු කෙල්ලයි ඩයනා කට් කපපු කෙල්ලයි පුටු ඇන්දේ දාලා තිබුන බැග් දෙක ගලවලා අතට අරගෙන නැගිටිනවා මම දැක්කා, ඩයනා කට් එක මගේ පිටිපස්සෙන් ගිහින් මට එහා පැත්තේ පුටුවෙන් ඉදගත්තා. අනිත් එකී මම ලග හිටගෙන ඉන්නවා......
“ඉතින් එහා පැත්තට යන්න....මම ඉදගන්නේ කොහෙද? (රහසින් ) ඔඩොක්කුවේද ? “
හුට්ටප්රේට ගහපු කලාබරේ.
මම එහා පුටුවට යනකොට එකී මම හිටපු පුටුවේ ඉදගත්තා. දැන් මම නිකන් පයිසල් රජ්ජුරුවෝ වගේ. දෙන්නා දෙපැත්තේ සංචි මැද්දේ.
එදා ඉදන් මිශ්‍ර ඉස්කෝල වල ඉගන ගත්ත මට කෙල්ලෝ කියන්නේ ඒ තරම් අරුමයක් නොවුනත්..මේක නම් තුන්වෙනි ලෝක සංග්‍රාමේන් බාගයක් වගේ දැනුනේ.
කොල්ලෝ එහාට ගියා කෙල්ලෝ මෙහාට අවා,  දැන් පංතිය කෙල්ලෝ කොල්ලෝ කලවමට.
“මම තමයි සමුසේලගේ පංතිය බාරව ඉන්නේ මගේ නම ගීත් කියනවා බලන්න සමුසේලගේ නම්. “
“මම සුසන්ත  “
“මම සරත්..මං එන්නේ නචියදුවේ ඉදලා “
“මම අයන්ති මම අනුරාධපුරෙමයි “
ඔය විදිහට පෙලින් පෙලට ඇවිත් ඕනේ අතු අග මල් නෙලා ගන්න කියලා මගේ පුටුව ඉල්ල ගත්ත ඒකිගේ වාරේ.
“මගේ නම මනෝරි මම එන්නේ මැදවචිචියේ ඉදලා “
“මම මෙන්ඩිස්  “
“මම චම්පිකා ..කලත්තවේ “
“මෙන්ඩිස් සමුසේ මට වැඩක් කරලා දෙන්න ඕනේ “
“කියන්න සර් “
“සමුසේට මම මතක් කරලා දෙන්න ඕනේ නැහැනේ සමුසේ ඇයි මට උදව් කරන්න ඕනේ කියලා  “
මෙයා මොකටද එන්න හදන්නේ...  කැඩෙටින් කෑම්ප් යන්න ඉස්සල්ලා දවසේ අපි ඉස්කෝලේ නැවතුනා එදා රැ හෙල්මට් නැතුව බයිසිකලේක තුන් දෙනෙක් දාලා ගිහින් බාර් එකෙන් ගල් බෝතලයක් ගන්නකොට එතන හිටපු චමින්දලා සෙට් එකක් අපිට ලෙඩක් ඇද්දා ඉස්කෝලේ තෝම්බුව හොයලා අපිව ඉස්කෝලෙට බාර දෙන්න ඕනේ කියලා අංචිය අදිනකොට බෝතලයක් ගෙනියන්න එතනට ඇවිත් හිටපු ගීත් සර් තමයි අපිවයි බෝතලෙයි දෙකම බේරලා දුන්නේ දැන් මෙයා හද්දන්නේ ඒක හිලව් කරන්නද ?.
“හරි සර් කියන්න “
“මගේ පංතියේ අලුතෙන් ආපු  එක ළමයෙකුටවත් රැග් කරනවට මම කැමති නැහැ. සමුසේ දනවානේ මමත් හොදට ගැන්සි බැහපු පොරක් කියලා. “
“ඔව් සර් “
“මගේ පංතියේ එවුන්ට රැග් කරොත් කරන්න ඉන්නේ සමුසේ විතරයි සමුසේ ඒක කරන්නේ නැහැ  “
“හා ..සර්  “
“අනිත් අයට මේකේ ඇවිත් රගන්න දෙන්නත් බැහැ “
“හා ..සර්  “
“අදට මම උගන්නන්නේ නැහැ “
අදට නෙමයි මෙය කවදත් උගන්නන්නේ නැහැ
“අද සමුසේලා කතා බහ කරලා නිදහසේ ඉන්නවකෝ ඉන්ටවල් එකෙන් පස්සේ එකෞන්ට් සර් එයි පංතියට. “
ගීත් සර් පොත් ටිකත් අරගෙන පංතියෙන් ගියා.
උදේ බීපු සිගරට් එකට බඩ දගලනවා දැන්නම් කැන්ටිම පැත්තට බැස්සනම් බඩට මොනවා හරි දාගන්න තිබුනා එත් බවා හිටියොත් තමයි ලෙඩේ (බවා කියන්නේ තවත් වයිසෙක් වගේම එපා කරපු කැරියෙක්). ඕන පුකක් සත දහයයි කියලා මම නැගිට්ටා.
ඔයා කොහෙද යන්න හදන්නේ ?
මොනවා හරි බඩට දාගන්න කියලා ..ඇයි මොකද ?
බත් එකක් තියනව මේ වෙලාවේ කන්න පුලුවන්ද?
ඇයි යකඩො බත් එකක් තියනවනම් ප්‍රින්සිපල් ගේ මෙසේ උඩ තියාගෙන හරි කන්නම්කෝ.
එත් ඔයි එතකොට තමුසේ කන්නේ මොනවද ?
කෙල්ලගේ ඇස් පිහාටු දෙකෙන් කදුළු  කැට දෙකක් බේරෙනවා .
එයි තමුසේ මොකද අඩන්නේ මම තමුසෙගෙ බත් එක කැවද?
ඇයි මට තමුසේ කියන්නේ මට මනෝ කියන්න
හරි හරි ගන්නවා බලන්න බත් එක
එකී බැග් එකට අත දාලා ලොකු පාර්සලයක් එලියට ගත්තා කරවල බැදුමක සුවද පංතිය පුරාම ඉගිල්ලිලා ගියා.
අම්මට හුඩු ගන්නවා ගන්නවා ඉකමනට තමුසෙගෙ බත් එක දැන්නම් බඩගින්න හොදටම වැඩි උනා
එකී ආයමත් බත් එක බැග් එක ඇතුලට දැම්මා.
ඔයි මොකක්ද තමුසේ ඒ කරපු හුත්තේ වැඩේ දැන් තමුසේ නේද කිව්වේ බත් එක කමු කියලා.
ඔය කතා කරන විදිහට මම කැමති නැහැ. ඔයාට කෙනෙක් එක්ක හොදින් කතා කරන්න දන්නෙම නැද්ද ?
අම්මපල්ල මේ වෙලාවට තමයි හිතෙන්නේ මේකිගේ කිබ්බට අත දාලා අනිත් පැත්ත හරවන්න
ඕක දීපන් බන් මෙන්ඩිස් ව මඩවන්නේ නැතුව ඒ චම්පි
හැ..ඒ කියන්නේ මුන් මට රැග් කරනවද එතකොට මමද මෙතැන රැග් වෙන්නේ
තියාගන්නවා තමුසෙගෙ හුත්තේ බත් එක ..
මම පුටුවෙන් නැගිටලා පංතියෙන් එලියට ගියා. කොරිඩෝව දිගේ ඇවිත් පඩිපෙළින් බහින්න හදනකොට කවුද මගේ අතින් අල්ල ගත්තා, හැරිලා බලනකොට මනෝරි ඊට පිටිපස්සෙන් චම්පි
සොරි සොරි සොරි සමාවෙන්න සමාවෙන්න ඇස් දෙකේ කදුළු පුරෝගෙන කෙල්ලෙක් මගේ අතින් අල්ලගෙන ඉන්නවා. ගුල්ලලා කිරියලා සෙට් එක පඩි පෙළ දිගේ උඩට නගිනවා මම යාන්තමට දැක්කා.
හරි හරි අත අරිනවා
නෑ අත අතාරින්නෙම නැහැ එහනම් එන්න යන්න බත් එක කන්න.
හරි ඔයාල යන්න මම එන්නම්
නෑ මමත් එනවා ඔයත් එක්ක කැන්ටිමට යන්න...චම්පි ඔයා පංතියට යන්න.
මේ නාඩගම් නටන්න හදන්න එපා අත අතාරිනවා නැත්නම් දෙනවා මුණ පොඩි වෙන්න
ඔව් මම හොද අඩව්වක් අල්ලන්න යන්නේ අතාරින්නෙම නැහැ, ගහන්න...
තව අඩියක් මම ලගට ලං වෙලා ..එකී අත් දෙකෙන්ම මගේ අත් දෙක අල්ල ගත්තා.
මෙන්ඩා මොකද ඔය? “
නෑ….. ගුල්ලා මුකුත් නැහැ
මුකුත් නැත්නම් මොකද මෙකි උබගේ අතේ එල්ලිලා අපි මේ උබලගේ පංතියට යනගමන්.
මනෝරි ඔයා පංතියට යන්න මම එන්නම්
බැහැ බැහැ මමත් ඔයා එක්ක ඉන්නම් එකී මගේ අත අතෑරලා මගේ පිටිපස්සට උනා.
අඩෝ පට්ට හුත්ති ගහනවා කනෙන් කැරි විසිවෙන්න...උබලා අලුතෙන් ඇවිත් දැන්මම පැලෙන්න හදනවද?
බකලා පඩිපෙළේ අඩියක් උඩට නැගලා මනෝට ලං වෙන්නත් මගේ මිට මොලොපු අත බකල්ගේ මුණ හරහා යන්නත් බකලා පඩි දෙකක් පහලට පෙරෙලෙනත්ගියේ බොහාම කෙටි වෙලාවයි.
අඩෝ මෙන්ඩ“……….. කිරියා මගේ කොලරෙකෙන් අල්ලා ගත්තා
කිරි අත ඇරපන් මෙන්ඩ ගේ ෂර්ට් එක“…. වස්සා කිරියගේ අතින් අල්ල ගත්තා
වස්සා උබලා පලයන් මම එන්නම්
හරි ඉන්ටවල් එකෙන් පස්සේ හයිලයිට් එකට වරෙන්... වස්සා අවසන් තීන්දුව දුන්නා
සෙට් එකම පඩි පෙලින් පහලට බැස්සා..එත් රන්ජියා මනෝව කන්න වගේ බලගෙන ඉන්නවා. රන්ජියා අපේ සෙට් එකට අලුතෙන් එකතු උන චරිතයක් ඉස්කෝලේ සිංහල සර්ගේ පුතා, දෙලා තමයි ඌ ගැන්සියට එක්කරගෙන ආවේ.
අඩෝ රංජි පලයන් කිව්වනේ මම එන්නම් ..
කොම්ස් ජි ක්ලාස් එකේ එවුන් කොට තාප්පෙන් ෂෝ එක බලගෙන ඉන්නවා..මේකනම් බාවට යනවමයි අයෙමත් අම්මයි තාත්තයි එක්කරගෙන එන්න වෙනවා..12 වෙනි පාරද නැහැ 16 වෙනි සැරේට.
මම හැරුණ ගමන් මනෝරිගේ අතින් ඇදගෙන පංතිය ඇතුලට ගියා.
උයී උයි රිදෙනවා අත අතරින්නකෝ.
බිත්තියට හෙත්තුකර්ලා අත මිට මොලවලා මුණ ගාවට ගත්තා.
පුස්තකාල හෝල්ට් එකේදී නිවත්ත්කේ ගැන්සියක් එක්ක ගහගත්තා.. කටාගේ පොට් එකේදී මිහින්තලේ සෙට් එකකට ගැහව්වා බිම දාගෙන. ඒ හැම තැනකදීම දැක්ක උන්ගේ මුනවල් වල තිබුන බය චුට්ටක්වත් මේකිගේ මුනේ නැහැ..ඒ ඇස් දෙක හිනා වෙනවා..
අපිට වඩා ලොකු ගැන්සි එක්ක ගහගෙන තියනවා. තලාව බස්ටන්ඩ් එකේදී මට 15ක් විතර වට කරගෙන ගැහව්වා ඒ කිසිම මොහතක නොදැනුන බයක් මගේ හිතට දැනුනා.  එකී හිනා වේවි මගේ ඇස් දෙක දිහා කෙලින් බලගෙන ඉන්නවා...මට නොදුනුවත්ම මගේ අත පහලට වැටුනා.
ගන්නවා ගන්නවා තමුසෙගෙ ඔය හුත්තේ බත් එක
එකේ බත් නැහනේ නේද චම්පි ඒක තියෙන්නේ වෙන වැඩ වලට
මනෝ මේ මගේ යකා අවුස්සන්න එපා
මම බය වෙයි ඔයාගේ යකාට
මේ මොන විලි ලෑචවක්ද කමක් නැහැ මේ ප්‍රස්නේ ඉවර කරන්න අඩියක් පස්සට තියන්න වෙනවා.
හරි මනෝ මට බඩගිනි මම කන්නද ?
අපි කමුද කියලා අහන්න
හරි හරි අපි කමුද ?
“ආ මේ වතුර බෝතලේ අත හෝදගෙන එන්න. “
අත හෝදගෙන එනකොට කෙහෙල් කොලේක ඔතපු බත් එකක් මෙසේ උඩ දිග ඇරලා, කරවල තෙල් දාලා පරිප්පු හින්දලා තිබ්බොටු මැල්ලුම.
“එයි උබලත් කාපල්ලා ආය සර්ලා එන්නේ නැහැ මේ පැත්තට. “ මම පංතිය පැත්තට හැරිලා අනිත් උන්ටත් කිව්වා.
මමයි මනෝයි චම්ප්යි බත් එකට වට උනා
“මෙන්ඩා“.... රන්ජියා පංතියේ දොර ලග
“අපි හයිලයිට් එකේ උඩ ඉන්නවා“
“හරි මම ඉන්ටෙවල් එකෙන් පස්සේ එන්නම්“
“නැහැ වස්සා කිව්වා දැන් පුලුවනම් එන්න කියලා“
“හරි උබ පලයන් මම විනාඩි 10න් එතන“
මම වතුර බෝතලේ අතට ගත්තා
“තව කටක් කළා යන්න“
“එපා මට ඇති“
“මම වෙනුවෙන් ඉදිරිපත් උනාට මේ බත් කට කන්න“
බත් කටක් අතේ තියාගෙන මනෝරි මගේ පැත්තට ඒ බත් කට දික් කරගෙන ඉන්නවා.
“පිලිස්...මේ කට කන්න...මට ජිවිතේ කිසිම දවසක මේ තරම් ආරක්‍ෂිත බවක් රැකවාරණයක් දැනිලා නැහැ....මේ ඒ වෙනුවෙන්. “
ඕන පුකක් ප්‍රීති වෙසක් මම කට ඇරියා. රන්ජියා කට ඇරගෙන බලගෙන ඉන්නවා. කොහමත් අද අද සිද්දවේච දේවල් හොද නැහැ. එන විදිහකට එන දෙයකට මුණ දෙනවා. මගේ ඔලුව යකාගේ කම්මල වගේ, සිගරට් එකක අවශතාවය තදින්ම දනුන්නා.
“ඔයා ආය පංතියට එනවද ? “
“ඔව් හවස එනවා පොත් ටික ගන්න “
“මට කැන්ඩෝස් කජු දාපු චොක්ලට් එකක් අරගෙන එනවද? “
“මම ලග සල්ලි නැහැ“
“ආ...මේ 50 ගන්න“
“මට එපා අනුන්ගේ සල්ලි“
“මේවත් මහ බැංකුවේ සල්ලි තමයි (රහසින්) කෝට්ටේ යට තියලා අචුචු ගැහුව්වේ නැහැ“
“හැබැයි ඉතුරු දෙන්නේ නැහැ“
“මම ගනෙත් නැහැ“
රුපියල් 50 සාක්කුවේ ඔබාගෙන රන්ජියා එක්ක කොන්වන්ට් එකේ තාපෙන් පැනලා රේල් පාර පනිනකුනුත් අපි අතර කතාවක් නැහැ.
“මෙන්ඩ“
“මෙන්ඩ“
“ඇයි බං? “
“අරකිගේ නම මොකක්ද ? “
“කාගේද?? “
“අර උබට බත් කවපු එක“
“මෝහිනී“
“කියහනකෝ“
“කාලි යක්සනි“
“කියන්හකෝ “
“මේ රංජි කට වහගෙන වරෙන්. “
අපි දෙන්නම හයිලයිට් එකේ උඩට නැග්ගා, ගැන්සිය්ම එතන, මම ඉස්සර වෙන එක හොදයි...මම බකලා ලගට ගිහින් උගේ අත් දෙකෙන් අල්ල ගත්තා.
“බකලා සොරි මචෝ ...මට සමාවෙයන් උබ කරන්න හැදුවේ මම අකමැතිම දෙයක්. “
“හරි හරි ඒක අල්ලා දාපන්“
වස්සා කිව්වනම් ඉතින් තීන්දුයි නිවාරණයි. ආය එකෙක්වත් කට අරින්නේ නැහැ. වෙච්ච දේවල් වල හැටියට ඔයින් ගියා ඇති අතක් පයක් නොකැඩි බෙල්ල කැඩිලා බේරුනා ඇති කිව්වලු.
“වස්සා තව දෙයක් තියනවා“
“කියපං මෙන්ඩා අපිටත් උබට කියන්න දෙයක් තියනවා“
“මගේ පංතියේ එවුන්ට රැග් කරන්න එපා“
“හරි උබලා එකෙක්වත් ඒ පැත්තට යන්න එපා“ වස්සා සෙට් එකටම කිව්වා.
“මෙන්ඩා අර උබේ අතින් අල්ලගෙන හිටපු කෙල්ල කවුද ? “
“මනෝරි“
“උබ ඒකිට ලව්ද? “
“පිස්සුද මචෝ“
“අර කිරි පුඩිමගේ නංගි නේද උබේ ට්‍රයි එක ? “
“ශාලනි“
“ඒක මොකද දැන් ? “
“ඒක හරියන්නේ නැහැ බං එකී 11 වසර අමල් එක්ක සෙට් වෙලා වගේ“
“ඉතින් අපි ඌ ට නෙලමුකෝ“
“මේ මගුරෝ හැම එකටම ගහගන්න හදන්න එපා බං... “වස්සා ඌ ට කෑ ගැහව්වා.
“මෙන්ඩා උබ අර අලුත් එකට බහිනවද? “
“නැහැ බං..අද වෙච්ච දේවල් අහම්බෙන් සිද්ද උන දේවල්, මගේ හිතේ එහම දෙයක් නැහැ. “
“දාපල්ලා දාපල්ලා අතේ තියන සල්ලි“... කිරියා බෝතලේකට සල්ලි එකතු කරනවා, ෂුවර් එකට අලුතෙන් ආපු එවුන්ගෙන් ලොන්තේ දාන්න ඇති. මම 50 දික් කරා.
“කිරි මට මේකෙන් රුපියල් 20 ක් ඕනේ“
“අනේ මේ මෙහාට දීපං ඕක“ කිරියා 50 ඇදලා ගත්තා.
“උබලා සෙට් වෙයන් අද මට බොන්න බැහැ වගේ“
“අනේ මෙන්ඩ මේ බොරු නැතුව වරෙන් යන්න“
“අපේ රන්ජියා උබලගේ පංතියේ අර උබේ අතින් අල්ලගෙන හිටපු එකට බහිනවා උබ ඌ ට උදව් කරපං“
“ඇයි වස්සා උගේ දිලනිගේ එක මොකද ? “
“ඌ ඒක නවත්තලා උබ ඌ ට උදව් කරපං“
“කිරි ඉදා මේ 40ත් ගනින් මාත් එනවා බොන්න යන්න. “.. මම සාක්කු දෙකේම තිබුන සල්ලි ටික හුරලා කිරීට දුන්නා.
“හරි එහනම් උබලා වෙස්සගිරියට වරෙල්ලා මම එතනට එන්නම්“.... කිරී පහලට බස්සා.
.....................................................................................................................................
“අත ඇරපන් මට වැඩි නැහැ අත ඇරපන් අඩෝ මට තව බොන්න පුලුවන්. අඩෝ රන්ජියා උබ ඒක කරපන් හැබැයි උබ ඒකිට කැරි වැඩක් කරලා තිබුනොත් මම එදාට උබව මේ තිසා වැවේ ඔබනවා. “
මම තිසා වැවේ බන්ටෙක උඩ ඉදගෙන කෑ ගැහව්වා. අපි නාලා ඉස්කුල් යුනිෆෝර්ම් දාගෙන හයිලයිට් එක ලගට අවා.
“එයි කිරී උබලා පලයල්ලා මම පංතියට යනවා මගේ පොත් ටික අරගෙන එන්න. “
රන්ජියා ගේට්ටුව ලග
“මෙන්ඩ කෝ බං අරකි මම ගේට්ටුව ලග රැකගෙනම හිටියා එකී ආවෙ නැහැනේ බං...පිටිපස්සේ ගේට්ටුවෙන් ගියාද දන්නේ නැහැ. “
“මම දන්නේ නැහැ රන්ජියෝ මමත් උබලත් එක්ක වැවෙනේ හිටියේ. “
ඉස්කෝලේ ඇරලත් පැය බාගයක් විතර මගේ ඔලුව කැරකෙනවා වගේ මම හිමිට් හිමිට පඩි පෙළ නැගලා පංතියට ඇතුල් උනා. මනෝ ඩේස් එකට ඔලුව තියාගෙන ඉන්නවා.
“එයි ..ගෙදර යන්න කල්පනවක් නැද්ද ? “
“කෝ මගේ චොක්ලට් එක“
“මොන චෝක්ලට්ද එනවා යන්න ළමයි ඔක්කොම ගිහිල්ලා “
“ඉතිං ඔයානේ කිව්වේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට එනවා කියලා. “
අපි දෙන්නා ඇවිදගෙන සෙන්ට්‍රල් පාලම උඩට අවා.
“ඉතින් මම තමුසෙට කිව්වද මම එනකන් ඉන්න කියලා“
“කඩනවා කට මට ආය තමුසේ කිවොත්“
“මනෝ අත අතාරිනවා මිනිස්සු බලාගෙන ඉන්නවා “
“මහ ලොකු කැඩෙට්න් ලොක්කා ඒ උනාට කෙල්ලෙක් අතින් ඇල්ලුවම දාඩිය දානවා... “
“මම බය මිනිස්සුන්ට නෙමයි මනෝ ...ඒක ඔයාට කියලා තේරුම් කරන්න බැහැ. “
“මෙන්ඩිස් අයියේ................උබ අද ගෙදර යන්නේ නැද්ද ? “
අම්මට හුඩු තබුතේගම ඉස්කුල් බස් එක හෝල්ට් එකේ නවත්තලා කෙල්ලෝ කොල්ලෝ ඔක්කම ජනෙල් වලින් ඔලුව දාගෙන
“උබලා පලයල්ලා මම අලුත් බස්ටැන්ඩ් එකෙන් නගින්නම්“
බස් එක ජෝසප් ගිහින් වටේ ගහලා එනකොට මට එතනට සෙට් වෙන්න පලුවන් කියලා මම දන්නවා
“අක්කේ...මෙන්ඩිස් අයියව එවන්න.. “ජීවන් මල්ලි පුට් බෝර්ඩ් එකේ ඉදලා කෑ ගැහැව්වා
“බෑ..මම අද මෙයාව ගෙදර එක්කරගෙන යනවා “
“මනෝ කට වහගන්නවා“
අතින් වව්නියා බස් එකක් එනවා
“මනෝ අන්න ඔයාට බස් එක එනවා“
“බැහැ මට චොක්ලට් එක අරගෙන දෙනකන් මම යන්නේ නැහැ“
“එහනම් මෙතන බුදිය ගන්නවා“
“.......හා“
මේක එහමට බඩුව...වෙලාවට නලින් අයියගේ කඩේ එහා පැත්තේ...චොක්ලට් එකට සල්ලි ඇහව්වෙ නැති උනාට චොක්ලට් එක අරන් පාර පනිනකොට නලින් අයියා කඩෙන් එලියට ඇවිත් හිනා වේවි ඉන්නවා මම දැක්කා...
“ආ....මගේ සුදු මැණික මේකත් අරගෙන මගේ කුක්කු බොලේ මගේ වස්තු කැටේ මගේ පැණි බුන්දිය බස් එකට නගින්න මගේ පන. “
හිනවවේවි දුවගෙන ගිහින් බස් එකට නැගපු මනෝ මට අත වැනුවා ...බස් එක ඇත නොපෙනී යනකන් බලගෙන හිටියා....
කතාව ඉවර් නැහැ ..........................................................

- මම එළ ද බ්‍රා මෙන්ඩා

පසු සටහන -
අයන්ති ඒ අවුරුද්දේ මැරුණා උදේ ඉස්කෝලේ එනකොට මෝට සයිකලෙක හැප්පිලා.
දෙලා යුද්දෙදි මැරුණා
බකලා හිරේ ගියා