Saturday 3 January 2015

අප්පච්චී.. (අහවලා නොවෙයි) The easiest thing to forget


නැගී ඉන්නට රුකුල් දෙන
මහ පොළොවේ ලේ උරුමය ලියා දෙන
කනබොන ටික වතුර ටික ගෙනත් දෙන
දුක අමාරු ටික සඟවාගෙන
මල් පල වැල පමණක් පිටට දෙන
උඹට තව තව පූදින්න
ඉඩදී දිනෙන් දින 
පොළොවටම යටවෙන
එන්න තියන්නෙපා උඩට පේන්න
තව තවත් පහලටම තෙරපන්න
දවාලෙහි පමණක් ඇවිත් හිස පොවා යන
වැස්සට කුණාටුවට පිටුපාන
නියගෙදි උනත් හිතුමතේ පෙලන 
ඉර දිහාටම තවත් කඹුරන්න
තරහක් නම් නෑ හිතේ පුංචි දුකක් හැර
මං උඹේ සදාදර 
.
.

'මුල' 
.
.
ඕක කිව්වම දැන් ඉතින් ආයෙමත් ඔරවන්න..

- කලණ

50 comments:

  1. සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
    ප්‍රේමය මුල් පස යට සැගවී
    නං පල මල් දළු පුබුදනමුත් ගස
    මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
    ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

    ReplyDelete
    Replies
    1. රිප්ලයි එකක් දාන්න කලින් ගිහින් ආපහු සින්දුව ඇහුවා.. මං හිතන් උන්නේ චන්දන ලියනාරච්චිගෙ නිකම්ම නිකන් ලවු සින්දුවක් විතරයි මේක කියල.. බැලුවම වෙනස් අර්ථයකින් කියපු එකක්..

      අද දවාලේ ගෙදරට කෝල් එකක් දුන්නා.. කාලෙකට පස්සේ අපේ 'ඩැඩී' තමයි ආන්සර් කරේ.. ඉතින් වචන දෙක තුනක් කතා කරන්න ලැබුණා.. නැත්නම් 'මමී' ට කතා කරල ෆෝන් එක තියන්න කලින් 'ඩැඩී කෝ සනීපෙන්ද' කියල අහල උත්තරයක් දෙන්නත් කලින් තියෙනවනේ.. Easiest thing to forget හැඟීම ආවේ එහෙමයි.. ජය ශ්‍රී!

      Delete
    2. //චන්දන ලියනාරච්චිගෙ නිකම්ම නිකන් ලවු සින්දුවක් විතරයි මේක කියල//

      යමුනා මාලිනී පෙරේරා ගේ අපුරු පද වැලක්නේ මේක.

      Delete
    3. ඒක හරි.. ප්‍රශ්ණේ උනේ කලින් ඇහිලා තිබුනට අහලා තිබුනේ නෑ.. දැන් එහෙම හිතන්නේ නෑ.

      Delete
    4. ප්‍රේමය ලොව හැම තැනම ඇතී
      හැමදෙනටම හමුවෙලා ඇතී
      එනමුදු ප්‍රේමය කිමැයි කියා
      හඳුනාගත් කිසි කෙනෙකු නැතී

      සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
      ප්‍රේමය මුල් පස යට සැගවී
      නං පල මල් දළු පුබුදනමුත් ගස
      මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
      ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

      විල්තෙර දියයට දියඹුන් නගනා
      ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
      සියපත විල මත පිබිදෙන මුත් යස
      උල්පත හැමදාමත් නිසලයි
      ප්‍රේමය හැමදාමත් නිසලයි

      //http://helageepada.blogspot.com/2012/03/premaya-lowa-hama-thanama-ethi.html//

      Delete
    5. චන්දන ලියනාරච්චිගේ මේ සින්දුවත් ඇතුලත් කැසට් පටයක් මට මතකයි මීට අවුරුදු 15 කට විතර කලින් හුඟක් ජනප්‍රිය උනා.. අපි ඒ කාලේ රෑට මුහුදේ නිදි වරද්දී නොකඩවා ඇහුවා මතකයි.. එකම ආරක වගේ සින්දු උන නිසා එකකට එකක් වෙනස්ව මතක තිබුනේ නෑ.. ස්තූතියි මදූ නැවත ඒ අතීතය හා සින්දුව මතක් කරාට..

      ශෂිකා නිසංසලාගේ පාරමිතා, දීපිකා ගේ බොරළු ඇනෙන, සුභානී හර්ශනීගේ එකම එක වරක් මේ ඔක්කොම වගේ ඒ කාලේ නැගලා ගිය සින්දු.. මං හිතන්නේ අන්තිමට කැසට් පට විදියට ජනප්‍රිය උනෙත් ඔය සෙට් එක තමයි.. CD පෙරළි කරන්න කලින්.. ඉමිහිරි මතක. ජය ශ්‍රී!

      Delete
  2. දැන් කියපං ගහක් මුලට කලගුණ සලකන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. 'අප්පච්චිගෙන්ම' තමයි අහන්න වෙන්නේ.. මං හිතන්නේ තුන් පාරක් දීලා..

      Delete
  3. වේස ගෑනු පස්සේ ගිහින් සල්ලි වියදම් කලත් හදා පෝෂණය කල අප්පච්චී ට සලකන දුදරුවන් මෙන් අපිටද හැසිරීමට සිදුව තිබේ. අපි හදා පෝෂණය කල අප්පච්චී මෙන් රට බේරා දුන් සහ දෙන අප්පච්චීටද කලගුණ සලකමි.

    ReplyDelete
    Replies
    1. ටිපිකල් මකසි කමෙන්ට්.. හැක් හැක්.. උඹ හොඳ පුතෙක් මචන්.. මං අකමැති උනත් උඹ උඹේ 'අප්පච්චිලාට' කළගුණ සළකන එක ගැන හා ඒ වෙනුවෙන් නොබියව පෙනී ඉන්න එක හැමදාමත් අගේ කරනවා.. ජය ශ්‍රී!

      Delete
    2. කළගුණ සළකන්න ඕනැ. වේසගෑනු පස්සෙ ගිහින් හරි ඉස්සරහින් ගිහින් හරි සල්ලි වියදං කරන ගමන් දරුවන්ගේ අනාගතේ වෙනුවෙන් කියලා ගේත් ලස්සනට හදලා මිදුලට කාපට් දාලා අන්තිමට ගේයි ඉඩමයි දෙකම උගසට සින්න වුනොත් තමයි කෙළිය.

      හෙනහුරා

      Delete
    3. ඔය අප්පච්චිලා ගෙදර යන හැටි 8 වෙනිදට බලමු...අප්පච්චි කිය කියා අර අහිංසක කැම්පස් කෙල්ලො කොල්ලන්ට එළවා එළවා පොලෝසිය පහර දෙන හැටි අප්පච්චි දකින්න නැතුව ඇති...

      Delete
    4. මරා අප්පච්චිගේ බඩු ගැහිල්ල කියන්න ගියොත් පත්තරයක් විතර දිග ලැයිස්තුවක් ලියන්න වෙන්නේ. අනේ ....නන්නානේ. ඕකට චන්දෙ නෙවෙයි දෙකට නවලා පුකට පයින් එකක් ගහන්න ඕනෙ කුට්ටම කරෙන් වැටෙන්න.

      Delete
    5. @ Anonymous4 January 2015 at 16:02

      හෙනහුරා උනත් කියන්න තියෙන දේ කෙළින් කියනවට මං කැමතියි.. ඒත් ඇත්තටම ඔය අප්පච්චි ගැන නෙවෙයි මෙතන ලියුවේ නම්..

      Delete
    6. සිරා මචන්.. අප්පච්චි විතරක් නෙවෙයි අප්පච්චිගෙ අම්මිවත් මතක් වෙනව ඒ පාහර වැඩේටනම්.. එතන ලීඩ් කරපු පොලිස් ලොක්කගේ පුතා තාත්තා ගැන ලැජ්ජා වෙනවා කියලා මූණු පොතේ ප්‍රසිද්ධියේ කියලා තිබ්බා..

      Delete
    7. @ Anonymous5 January 2015 at 08:08

      ඇනෝ මචෝ.. උඹත් මහ කිරිමේල් කතානේ බන් කියන්නේ.. ඔයිට ලේසි නැද්ද හැමෝම එක්ක චන්ද කොලේ කතිරේ හංසයට ගහලා දෙකට නමල ඡන්ද පෙට්ටියට දැම්මනම්.. හැක් හැක්..

      Delete
  4. අප්පච්චිට කලගුණ සලකනවා.හැබැයි අප්පච්චි කියලා කියා ගන්නා අයට අපේ අප්පච්චි කිවාත් දෙන්නේ නැහැමයි.

    ReplyDelete
    Replies
    1. \\අප්පච්චිට කලගුණ සලකනවා.\\ බොහෝම අගෙයි. හොර අප්පච්චිලා ගැන මනොජ් ඉන්නෙත් මං ඉන්න ස්ථාවරයේමයි. ජය ශ්‍රී!

      Delete
  5. මුල අමතක කරන්ඩ හොඳ නෑ.. :)

    ReplyDelete
    Replies
    1. සමහර ගස් 'ලොකු' වෙනකොට ඒ ගොල්ලන්ට මුල හරියට 'මදි පුංචි කමක්' වගේ වෙනවා.. ඉතින් බලන්නෙම පුළුවන් තරම් පොළොවේ යටටම තදකරල තියා ගන්න.. එහෙම නැති උනත් පහසුවෙන්ම අමතක කරල දාන්නෙත් මුලින්ම මුල තමයි.. මොකද මේ වගේ ඉඳල හිටලවත් ගහට කම්ප්ලේන් එකක් එන්නෙ නෑනෙ මුලෙන්.. හ්ම්ම්.. ජය ශ්‍රී!

      Delete
  6. කමියා.................

    ඔන්න මුකුත් කිව්වේ නැහැ හැටං....................... නැත්තං තරහා ගනිවිවත්...........

    ReplyDelete
    Replies
    1. ඇයි හත්වලාමේ.. කියහල්ලකෝ මොකක්වත් අඩුම තරමින් කයිය හොඳද නරකද කියලවත්..

      Delete
  7. ඇත්තටම කලින් අහලා නැහැ. මේක ලියලා ගිහින් අහලා බලන්නම්. පද වැල බොහොම අර්ථවත් බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. විචාරක තුමෝ හැබෑට මොකක්ද අහල නෑ කිව්වේ. පැහැදිලි මදිනේ.. කවියනම් ඉතින් මහ ලොකු අදහසක් නැතුව අප්පච්චිත් එක්ක කතා කරද්දී හිතට ආපු එක ඔහේ ලියුවේ.. බොහෝම ස්තූතියි.

      Delete
  8. අර උඩින් මනෝජ් කිව්ව වගේ අප්පච්චිලා ඉන්නෙ එකයි නොවෑ. උන්දට කළගුණ සලකමු අපි. වෙන්ඩ අප්පච්චිලාට ඕනි නෑ.

    ReplyDelete
    Replies
    1. salakamu salakamu hansayaata kathire gahalaa.

      Delete
    2. සඳුමල් වෙන්ඩ අප්පච්චිලාගේ කැමරාව ඉස්සරහා මූණයි පිටිපස්සේ මුහුණයි බොහෝම වෙනස්.. අපේ අප්පච්චිලානම් කැමරාව ඉස්සරහට ආවේ නැති උනාට පිටිපස්සෙන් ඉඳන් හැමදාම ආශිර්වාද කරනවානේ.. මං කියන්නේ උන්දලැ ගැන විතරයි..

      Delete
    3. @ Anonymous5 January 2015 at 08:09

      මේ පාරනම් සැළකෙන ලකුණු තමයි පේන්නේ.. පරම්පරාවටම හැක් හැක්..

      Delete
    4. මං හිතන්නෙ මං කීව දේ වැරදියට තේරුම්ගන්න නැතුව ඇති. සිංදුව වලින් අප්පච්චිලා වෙන්ඩ හදන අය ගැනයි කිව්වේ. අපිට ඉන්න අප්පච්චිත්, අපි කලගුන සලකන අප්පච්චිත් කිව්වෙ අපිව මේ ලෝකට ජාතක කරපු දයාබර අපේම අප්පච්චිටට්යි.

      Delete
    5. //මං කීව දේ වැරදියට තේරුම්ගන්න නැතුව ඇති// කිසි සේත්ම නෑ.. මං කිව්වෙත් කැමරාව ඉස්සරහදි විතරක් සිංදුවලින් අප්පච්චිලා වෙන උන්ගේ කැමරාව පිටිපස්සෙදි මූණ ගැන තමයි.. අපි එක අත්තටු තියෙන කුරුල්ලෝ නේ.. පාර වෙනස් වෙන්නේ නෑ..

      Delete
  9. ගොඩ දෙනෙක් අමතක කරන දේ තමයි,ගහ කැපුවත් මුල කපන්න බෑ කියන එක.මුල ගලවන්නම ඕනෙ කමියා.....

    ReplyDelete
    Replies
    1. වනස්පතිකියල හිතන් ඉන්න ගස් බිම ඇදන් වැටිල දිරල යද්දිත් මුල් ඉතුරුවෙලා තියනවා අවුරුදු ගනන් ගොඩක් ආඩම්බරෙන්.(ටයිප් කරන්න කලින් පබ්ලිශ් වුනා )

      Delete
    2. කොමෙන්ට් කෑලි දෙක එකකට එකක් පරස්පරද මංදා..

      මුල් කෑල්ලනම් LTTE එක ගැන හිතල ලියලද කොහෙද.. දෙවෙනි එකනම් කවියෙන් කියනව වගේ මුල අමතක කරන නොසන්ඩාල පුතෙක් ගැන වගේ..

      ඇත්තටම මචන් ඔය දෙවනි අදහස තමයි මගෙත් ඔලුවේ තිබ්බේ.. අමතක නොකර ඉන්න උත්සාහ කරාට පහසුවෙන්ම අමතක කරන්න පුළුවන් එකක් තමයි මේ 'මුල'.. මොකද කවදාවත් පස්සෙන් ඇවිත් කරදරයක් වෙන්නේ නැනේ.. දුකත් ඒකමයි මචන්.

      Delete
  10. සංවේදී නිසඳැසක්.

    ReplyDelete
    Replies
    1. මගේ සංවේදනාව හරියට දැනුනේ අජිත් අයියට විතරද මංදා.. බොහෝම ස්තූතියි.

      Delete
  11. ගස් කියල හිතාන ඉන්න අපිත් මුල් තමා බං.

    ReplyDelete
    Replies
    1. ඒක දැනෙන්න ගන්නේ දැන් දැන් නේද? හරියටම හරි..

      Delete
  12. පද පෙළ ලස්සනයි...ඒකෙ ඇතුලෙ සැගවුනු අර්ථයට මම මනාපයි...මේ කියන මුල අප්පච්චි කියන වචනයට ගලපා ගත්තොත් මෙන්න මේ ගීතයට මම ගොඩාක් කැමතියි.

    අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී

    වලාකුළේ දා බිඳු තවරා
    මහ පොළොවට මහ වැසි ගෙනෙනා
    දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
    පුතු සෙනෙහේ කඳුළැලි සලනා

    තුරු හිස මුදුනේ මල් පලඳ්‍ර
    කැකුළු මුවට පලවැල නෙළුවා
    ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා

    පද රචනය - කුමාර ලියනගේ
    සංගීතය - රෝහණ ධර්මකීර්ති
    ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

    ReplyDelete
    Replies
    1. //මේ කියන මුල අප්පච්චි කියන වචනයට ගලපා ගත්තොත්// දේශපාලනෙන් මිදෙන්න බැරි නිසා ගොඩාක් උන් වෙන වෙන ඒවට ගලපගත්තට මං කිව්වෙත් ඔය ගැනම තමයි මචන්.. ඒක නොවෙයි ඔය සින්දුව කියපු ගායකයට මං ඉස්සර හරිම මනාපයි.. ඒ ඔහු ගායකයෙකු කාලේ.. අපරාදේ ඒ ගායකයා..

      Delete
    2. ඒ ගායකයා අපට අහිමි කලෙත් උඩින් කියවුන ලැජ්ජා නැති අප්පච්චිම තමයි...

      Delete
    3. මං ඊයේ රෑ දොලහේ ඉඳන් දේශපාලන කතා නැවැත්තුවා ඡන්දේ ඉවර වෙනකං.. නැත්තං මේකට තව හුඟක් දේවල් එකතු කරන්න තිබ්බා.. හැක් හැක්..

      Delete
  13. Replies
    1. මං හිතුව අර විචාරකට වගේ CFL කියලා.. හැක් හැක්...

      අපේ සමහරු නම් සුපර් සොනික්.. කවියෙ මුල් පේලිය නැත්නම් හෙඩිම කියවනකොටම මීටර් වෙලා පට්ට පජාත කොමෙන්ට් එකක් දානවා යන්නෙ කොහෙද මල්ලෙ පොල්.. ඊට වඩා උඹ හොඳයි බොක්ක.

      Delete
  14. ඔරවන්න ගොරවන්න
    දෙයක් නැත
    එවන් හිතක් නැත
    ඇත්තේ සොවක් සම්ම්ශ්‍ර වූ
    බිදුණ හිතක් මිස

    ReplyDelete
    Replies
    1. ඔබවන් පුතෙකු බිහිකල ඒ පියා වාසනාවන්තයෙකි. දිනක ඔබ වෙනුවෙන් නිබ්බුත පද ගැයෙනු ඇත.. ජය ශ්‍රී!

      Delete
  15. මේ බලහන්, නාවික භටයො. ඌරන්ට මොන සෞක්‍යද කියල මුන්ගෙ ලොක්කො හිතන් ඇති!

    ReplyDelete
    Replies
    1. මුන්ට නාවික භටයෝයි කියන එකට නම් අතිශයින් විරුද්ධයි.. නාවිකයෝ වෙන්න අඩුම තරමේ එක දවසක් වත් නැවක වැඩ කරන්න ඕනිනෙ.. මු ඔක්කොම Volunteer Special Scheme එකක් යටතේ නේවි එකට බඳව ගත්ත skill workers ල..නැවක් පැත්ත පලාතේ එක්ක යන්නේ නෑ..හැබැයි අර දෙවෙනි කියමනටනම් එකඟයි.. මහ එවුන් අවදානම දන්නෙ නැති නිසා බයක් නෑ.. පොඩි උන් මහ උන්ගෙන් කේස් එකක් නැති නිසා බයක් නෑ.. ඌරොත් එකයි ඌරු පැටවුත් එකයි..

      Delete
  16. 'මුල ' අමතක වෙලා ... :/

    ReplyDelete
    Replies
    1. මුල අමතක නොවුනත් දැන් නම් 'මුල' ගලවල දාල මුල ඉඳන්ම පටන් ගන්න කාලේ හොඳයි වගේ.. කොහොම උනත් ඉස්සරහට 'මරා' ගන්නේ නැතුව හැමෝටම 'මෛත්‍රී' කරමු. ජය ශ්‍රී!

      Delete
    2. මෛත්‍රී කරමින් යන සුබ අනාගතයක්.... හික්ස් :D :D

      Delete